ලන්ඩන් හි සමරිසි පා ගමනට මිලියන 1.5ක පිරිසක්

ලන්ඩන් හි පැවැති සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික අයිතීන් සැමරීමේ පා ගමනට (Pride Parade) මිලියන 1.5ක පමණ පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ. ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් පවසන්නේ මෙතෙක් ලන්ඩන් හි පැවැති විශාලතම ‘ප්‍රයිඩ්’ පාගමන මෙය ලෙස තමන් විශ්වාස කරන බවයි.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර දී ආරම්භ කළ සටනට වසර පනහක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණ මෙම පා ගමන පෝර්ට්ලන්ඩ් වීදියෙන් ආරම්භ වී ඔක්ස්ෆර්ඩ් පාර හරහා පැමිණ වයිට්හෝල් ප්‍රදේශයෙන් අවසන් වී ඇත.

පාගමන වර්ණවත් කළ විවිධ අංග සඳහා සංවිධාන සහ ව්‍යාපාර 600කට පමණ අයත් පුද්ගලයන් 30,000කට අධික පිරිසක් සහභාගී වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *