සහරාන් සමඟ පුහුණුවීම් කළ පුද්ගලයෙකු ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට

(කොළඹ, ලංකාපුවත්) – මොහොමඩ් සහරාන් සමඟ පුහුණුවීම් ලැබූ සැකකරුවෙකු ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට භාරදී තිබේ.

ඔහු රස්නායකපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. පසුගිය මැයි 01වනදා නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ ත‍්‍රස්ත ක‍්‍රියා සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරිමටය.

වයස අවුරුදු 41ක් වූ රාජ් ගෝපාල් මුදියන්සේලාගේ ස්මයිල් මොහොම්මදු නසීර් නැමැති මෙම සැකකරු, මොහොමඩ් සහරාන් සමග නුවරඑළිය බ්ලැක්ෆූල් ප‍්‍රදේශයේදී පුහුණුවීම් ලබා ඇති බවට ද හෙළිව ඇත.

වැඩිදුර විමර්ෂණ සදහා මෙම සැකකරු ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට ඊයේ(08) භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *