කාබන් බද්ද ගෙවීම අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් වාහන සඳහා මේ වසරේදී අනිවාර්යෙන්ම කාබන් බද්ද ගෙවිය යුතු බව මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසයි.

එම බද්ද මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක නමුත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තවමත් කාබන් බද්ද අයකර ගැනීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවන බවද, ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදායම් බද්ද අයකර ගෙන නැතැයිද පැවසේ.

කෙසේ නමුත් එලෙස කාබන්බද්ද අය නොකළ වාහන හිමියන්ගෙන් මේ වසර ඇතුළත එම බද්ද අයකර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ගන්නැයි මුදල් අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙතෙක් කාබන් බද්ද නොගෙවා ආදායම් බලපත්‍ර ලබාගෙන ඇති මෝටර් රථ හිමිකරුවන්ට ඉදිරි මාස කිහිපය තුළ එම බද්ද ගෙවීම අනිවාර්ය වන බවද මුදල් අමාත්‍යාංශය එම චක්‍රලේඛයෙන් අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *