කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) –මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා නාවුක හමුදාව මගින් නිර්මාණය කළ වායුසමනය කළ මගී ප‍්‍රවාහන බෝට්ටුවේ ප‍්‍රථම නිරීක්ෂණ චාරිකාව මහනගර ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම සේවාව ඇරඹීමත් සමග කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා විනාඩි පහළොවකටත් වඩා අඩු කාලයකින් ගමන් කිරීමේ හැකියාව පවතී. මෙය මාර්ග තදබදයට කදිම විසඳුමක් ලෙස හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *