සීනෝර් ආයතනය වහා ප්‍රතිසංවිධානය කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – නව රැකියා මෙන්ම නව ආදායම් උපයා ගත හැකි හැකියාවෙන් සහ සම්පත් වලින් අනුන සීනෝර් ආයතනය වහා ප්‍රතිසංවිධානය කල යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ මිට වසර කිහිපයකට පෙර ලංකාවේ දීප්තිමත් ම ආයතනයක් වූ සීනෝර් ආයතනය විනාශයේ අගාදයට ඇද වැටීම පිළිබද වගකීම ධීවර අමාත්‍යංශය පාලනය කල අයටද පැවරෙන බවය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අනුබද්ධ සීමාසහිත සීනෝර් පදනමේ මට්ටක්කුලිය යාත්‍රා අංගනයේ කටයුතු සොයාබැලීමේ නිරීක්‍ෂණ චාරිකාවට අද [ 09] එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසීය.

මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී මට්ටක්කුලිය වැඩ බිමේ තිබු වසර ගණනාවකින් කිසිදු ප්‍රයෝජනයක් නොගත් සහ එහි සවිකළ දිනයේ සිටම මෙතෙක් කිසිදු කටයුත්තක් සදහා යොදා නොගත් යන්ත්‍ර පිලිබදව විශේෂ අවධානය යොමු කල රාජ්‍ය අමාත්‍යවරයා එම යන්ත්‍ර එලෙස විනාශ වීමට ඉඩහැර ඇත්තේ කුමණ නිසාද යන්න පිලිබදව නිලධාරීන්ගෙන් කරුණු විමසු රාජ්‍ය අමාත්‍යතුමා වහාම ඒ පිලිබදව වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කළේය .

ඊට අමතරව එම යන්ත්‍ර වඩාත් ඵලදායී ලෙස යොදාගැනීමට ඇති හැකියාව පිළිබද සියළු නිලධාරීන් හෙට [10] රැස්වී සාකච්ජා කර නිෂ්චිත වැඩපිළිවෙලක් එදිනම තමා වෙත ඉදිරිපත් කල යුතු බවටද අදාළ නිලධාරීන්ට නියෝග කළේය.

මෙම අවස්ථාවට සීනෝර් ආයතනයේ සභාපති මෙත්සිරි ද සිල්වා මහතා සහ කළමණාකාර අධ්‍යක්‍ෂ , සාමාන්‍යධිකාරී ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *