හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඇප මත මුදා හැරේ

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවේ, රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇප මතය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා පසුගිය 02 වනදා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂකලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබුණි.

කෙසේවෙතත් අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා රෝහල්ගත කෙරුණු අතර ඔවුන් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නොමැත.

ඒ අනුව එදින පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *