කාරක සභාවට මාවත් කැඳවලා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි විමසීමට තමන්ද කැඳවා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි‍මේන්තුවේ දී ඊයේ (9) ප්‍රකාශ කළේය.

සාක්ෂි ලබාදීම සඳහා කාරක සභාවට සහභාගී වියයුතුද නැද්ද යන්න පිළිබඳ ස්ථාවර නියෝග ප්‍රකාරව කතානායකවරයා තීන්දුවක් ලබා දී ඇති බැවින් තවදුරටත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විවාද කිරීම කාලය නාස්ති කිරීමක් බවත් අගමැතිවරයා සඳහන් කළේය.

වරප්‍රසාද ප්‍රශ්නය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකරන ලද කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඇතිවූ දීර්ඝ විවාදයට සිය අදහස් ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

මේ කමිටුවට කැඳවූ කෙනකු හැටියට මා මේ ගැන කතා කරන්න කැමැති නැහැ. දැන් කතානායකවරයා ලෙස ඔබතුමා තීන්දුවක් දී තිබෙන්නේ. ඒ අනුව කටයුතු කළ යුතුයි. අද අපට විශේෂ වැදගත් කාරණා රැසක් මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න තිබෙනවා.මම හිතනවා ඒ කටයුතුවලට මුල්තැන දිය යුතුයි කියලා‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *