පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාව මේ මස අගදී පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –ජූලි මස අවසානය වන විට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

එම කාරක සභාවේ රැස්වීමක් අද (10) දිනයේ පැවැත්වෙන අතර ඒ සඳහා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කැඳවා ඇති බවත් ඒ මහතා පැවසීය.

එසේම පසුගිය රැස්වීමේදී මන්ත්‍රීවරයා කාරක සභාවට නොපැමිණීම හේතුවෙන් යළි අද දිනයේ කැඳවීම සිදුකළ බවත් අද දිනයේදී මන්ත්‍රීවරයා නොපැමිණියහොත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු ඉදිරියේදී කැඳවීමට නියමිත බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *