(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ පසුගිය සිකුරාදා(05) සිට අද(10) දිනය දක්වා කාලය තුළ බීමත් රියදුරන් 1,763දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
මෙම මෙහෙයුමේ දී ඊයේ(09) උදෑසන 06.00 සිට අද(10) උදෑසන 06.00 දක්වා පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 263දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සිකුරාදා සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.