නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල 15වනදා ජනපති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – නෙදර්ලන්ත රජයේ අනුග්‍රහාය යටතේ අභිනවයෙන් ඉදිකල නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය ජූලි මස 15 වැනිදා පැවැත්වීමට නියමිත බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසීය.

ඇදන් 600 කින් සමන්වීත වාට්ටු සංකිර්ණයක්, නාවින තාක්ෂනයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහිතව අංග සම්පුර්ණව ඉදිකර ඇති මෙම රෝහල සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 7 ක් පමණ වේ.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ආරාධනයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් සහ නෙදර්ලන්යේ ශ්‍රී ලංකා තානාපති ජෝන් ඩුර්නේවාඩ් මහත්මිය ඇතුළු සම්භාවනිය අමුත්තන් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *