(කොළඹ, ලංකාපුවත්) – සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන මුහුදු තීරවලට විශේෂ කාර්ය බළකාය යොදවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මේ අනුව සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ආරුගම්බේ ප්‍ර දේශයේ මෙහෙයුම් සිදු කරන විශේෂ කාර්ය බළකා කණ්ඩායම ඊයේ පොතුවිල් පොලිස් වසමේ මැම්බෝ හෝටලට ඉදිරිපිට මුහුදේ දිය නැමට ගොස් අනතුරට පත් පුද්ගලයකුගේ ජිවිතය බේරාගෙන ඇත. විශේෂ පුහුණුවක් ලත් මෙම කණ්ඩායම් මෙම පුද්ගලයාට අවශ්‍ය ප්‍රතිකාර පවා ලබා දී ජිවිතය බේරා ගෙන ඇත.
මේ ආකාරයෙන් ආරුගම්බේ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන්ට මේ සම්බන්ධයෙන් පුහුණුව ලබා දී සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන මෙම මුහුදු තිර ඔස්සේ දවසේ පැය විසි හතර පුරා රාජකාරි කටයුතු වල යොදා තිබේ. මෙම කණ්ඩායම් මෙහෙයවන්නේ විශේෂ කාර්ය බළකායේ ආරුගම්බේ කඳවුරේ පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ජි. එල්. ප්‍රනාන්දු මහතා වන අතර ඒ මහතාගේ උපදෙස් මත විහේෂ කාර්ය බළකා කණ්ඩායම් නිරතුරුවම මෙරටට පැමිණ මුහුදු තීරවලට යන එන සංචාරකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට කැප වී සිටියි.