බීමත් රියදුරන් 3154ක් පොලිස් දැලේ

(කොළඹ, ලංකාපුවත්) –බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඊයේ(14)උදෑසන හයේ සිට අද(15) උදෑසන 6 දක්වා පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 279 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම ආරම්භ කළ පසුගිය 5 වනදා සිට මේ දක්වා 3154 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *