පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

(කොළඹ, ලංකාපුවත්) – පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

පසුගිය ජුලි මස 06 වනදා පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ මුලික පරීක්ෂණ සිදුකරනු ලැබීය.

ඒ අනුව මුලිකව අනාවරණය වු කරුණු මත පානදුර උතුර පොලිස් පරීක්ෂණ ප්‍රහාත් පරණවිතාන මහහා මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත.

මෙය ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *