මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක්

(කොළඹ, ලංකාපුවත්) –මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කියයි.

දළ දේශීය නිෂ්පාදනයට දායක වෙමින් මේ ධීවරයන් කැප වුණත්, වයස්ගත වන විට ඔයුනට ඉතිරි වන්නේ ඔරුවත්, දිරාගිය කොල්ලෑවත් පමණක් බැවින් තමන් මේ ධීවරයන්ටත් විශ්‍රාම වැටුපක් යෝජනා කරන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

කරදිය ධීවරයන් මෙන්ම මිරිදිය ධීවරයන් ද රක්ෂණය කළ යුතුබවත් ඒ සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් අවධාරණය කරන ඇමැතිවරයා පවසන්නේමෙම වසරේදී මිරිදිය ධීවරයන්ව රක්ෂණය කරන බවයි.

බංගලාදේශය, තායිලන්තය වැනි රටවල නිවස තුළම මාළු වගා කරන තාක්ෂණයක් එම ධීවරයින් ළඟ තියෙනවා. මම ධීවර දෙපාර්තමේන්තුවට කිව්වා, අපේ රටේ ධීවරයින්, ධීවර සමිතිවල නිළධාරීන් මේ රටවල තාක්ෂණික දැනුම බෙදා ගන්න විදේශීය ශිෂ්‍යත්ව ධීවරයන්ටත් ලබා දෙන්න අවශ්‍යබව. අපි බලාපොරොත්තු වනවා ධීවරයන් බංගලාදේශයට, තායිලන්තයට යවන්න මේ තාක්ෂණය ඉගෙන ගන්න යැයිද ඇමැතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *