(කොළඹ, ලංකාපුවත්) – පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කළ බව කාර්ය භාර ඉංජිනේරු මහතා දැනුම් දී ඇත.
විශේෂයෙන්ම කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතු වලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි කරන ජනතාව මේ පිළිබද සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුම් දෙනු ලැබේ.
එසේම විනෝද චාරිකාවල යෙදෙන පිරිස් ගංගා ආශ්‍රිතව නැමේ දී මෙන්ම වෙරළ තීරයේ දියනෑමේ දී පවතින කාලගුණික තත්වය පිළිබදව වඩාත් සැළකිළිමක් වන ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි.