ඉදිරි මැතිවරණවලදී ඕනෑම ආණ්ඩුවක් සමග සුහදශීලීව කටයුතු කිරීමට අමෙරිකාව සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි මැතිවරණවලදී පත්වන ඕනෑම ආණ්ඩුවක් සමග සුහදශීලීව කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

කුමන පක්ෂයක්, කුමන පුද්ගලයෙකු බලයට පත් වුවද ශ්‍රී ලංකා රජය සමග ශ්‍රී ලංකා ජනතාව සමග ඇමරිකානු රජය පවත්වන සබඳතාවලට බලපෑමක් නොවන බවද ඇය පවසා ඇත.

අමෙරිකානු තානාපතිවරිය සමාජ මාධ්‍ය හරහා ඊයේ (17) පැවති සාකච්ඡාවකදී පවසා තිබේ. ඇමරිකානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින වත්මන් සබඳතාවය සම්බන්ධයෙන් හා එහි අනාගතය සම්බන්ධයෙන් විවිධ වැරදි තොරතුරු සංසරණය වෙමින් පවතින බවයි ඇය පෙන්වා දෙයි.

දෙරට අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද හමුදා කඳවුරක් හෝ ස්ථිර හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කිරීමේ කිසිදු අදහසක් නොමැති බවයි. වත්මන් රජයේ ආරාධනාව පරිදි ශ්‍රී ලංකා ජනතාවට සහාය ලබාදීමක් පමණක් එහිදී සිදුවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *