හම්බන්තොට-මොනරාගල අම්පාර-ත්‍රිකුණාමලය-මඩකළපුව සංචාරක කලාප 5ක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ දිස්ත්‍රික්ක 5ක් මුල් කරගනිමින් සංස්කෘතික සංචාරක කලාපයන් ඉදිරි සති කිහිපය තුළදී ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘත කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට කසාගල පෙරේදා (16) පැවැති උත්සවයකදී සඳහන් කළේය.

‘සසුනට අරුණ’ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 1,026ක වියදමකින් හම්බන්තොට කසාගල රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ හම්බන්තොට, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කරගෙන සංස්කෘතික සංචාරක කලාප ඉදිරි සති කිහිපය තුළ එළිදක්වන බවයි. මෙම සංස්කෘතික සංචාරක කලාපවල මූලස්ථානය වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ හරහා ආරම්භ කරන වැඩසටහන් අනෙක් දිස්ත්‍රික්ක හතරද මුල් කර ගනිමින් ශ්‍රී ලංකාවේ කිසි දිනක ක්‍රියාත්මක නොවුණ අද්විතීය ආගමික සංවර්ධන ව්‍යාපාරයක් දවසේ එළි දක්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *