‘Live Life’ රක්ෂණක්‍රමය ayubo.life සමඟ අත්වැල් බැඳගනී

(කොළඹ, ලංකාපුවත්) – ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයට නව මුහුණුවරක් මෙන්ම අවදානමින් මිදුනු සෞඛ්‍ය මගපෙන්වීමක් හඳුන්වාදෙන‘Live Life’රක්ෂණ විසඳුම සමඟින් පාරිභෝගිකයන්ව සුවතාවයේ නවමගක කැඳවාගෙන යාමට ‘ජනශක්ති‘ජීවිත රක්ෂණ‘සමාගම‘කටයුතු යොදා තිබේ.

ඒ අනුව ජීවන රටා, සෞඛ්‍ය හා යෝග්‍යතා පිළිබඳ ප්‍රමුඛ මෘදුකාංග යෙදුමක්(App) වන ayubo.life සමඟින් ඔවුන් අත්වැල් බැඳගන්නා ලදී.

සුවතාවය පදනම්වූ මෙම ඩිජිටල් ජීවිත රක්ෂණ සැළසුම,සිය පාරිභෝගිකයන්ට සෞඛ්‍ය තත්ත්වය සමඟම සුවතාවය පිළිබඳ අරමුණු වැඩිදියුණු කරගැනීම පිණිස නිශ්චිත ප්‍රතිලාභ ලබාදෙන අතර මෙවැනි නව්‍යකරණයක් දේශීය රක්ෂණ ක්ෂේත්‍රයට හඳුන්වාදෙන පළමු අවස්ථාව මෙයවේ.

මෙම ‘Live Life’ සැළසුමට අනුව මාසිකව රු.1000 සිට 5000 දක්වා දිවෙන වාරිකයකට රක්ෂණ කාණ්ඩ පහක් යටතේ එන සැළසුම් පහක් අතරින් තමන්ට ගැළපෙන සුරක්ෂිත මට්ටම තෝරා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලබාදේ. මෙම යෙදුමට පිවිසුණු විට වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, ක්‍රීඩා විද්‍යාඥයන් ආදී සෞඛ්‍ය හා සුවතා විශේෂඥයින් කණ්ඩායමක් මඟින් වසරක් ඇතුළත සිය සෞඛ්‍යඅවදානම් පහත දැමීම පිණිස පාරිභෝගිකයාට මඟ පෙන්වයි. මෙයට අනුගතවී වසරක් තුළ රක්ෂණ ඔප්පුහිමියකු තම අවදානම් මීළඟ මට්ටම දක්වා අඩුකර ගැනීමට සමත් වූ විට ඔවුන්ට මීළඟ වර්ෂය සඳහා වැඩි ආවරණ මට්ටමක් සමඟින් අතිරේක ආරක්ෂණ ප්‍රතිලාභ පිරිනමනු ලැබේ.

මෙම නව ජීවිත රක්ෂණ සැළසුම පිළිබඳ අදහස් දක්වමින් ජනශක්ති ජීවිත රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ‘Live Life’ සැළසුම් කර ඇත්තේ පුද්ගලයන්ගේ හොඳ සෞඛ්‍ය පුරුදු අගයමින් සාම්ප්‍රදායික රක්ෂණ ක්ෂේත්‍රයේ සීමාමායිම් බිඳ දැමීමට බවයි. ‘Live Life’ යනු පාරිභෝගිකයන්හට නිශ්චිත සහ අර්ථවත් දීමනා ලබාදීම මඟින් ජීවිත කාලය පුරාම මනා සෞඛ්‍ය තත්වයන් පවත්වාගෙන යාමට පාරිභෝගිකයන් උනන්දුකරවමින්, සෞඛ්‍ය අවදානම් අඩුකර ගැනීමේ සංකල්පය මත පදනම්වූ නව්‍ය සැලසුමක් බවත් ඒ මහතා පැවසීය.

ayubo.life හි අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරීණි වෛද්‍ය චමිලා ආරියනන්ද මහත්මිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ayubo.life ක්‍රියාත්මක වන්නේ අපට හමුවන සෑම ජීවිතයක්ම සුපෝෂණය කිරීමේ දැක්ම සහිතව බවයි. සුදුසුකම්ලත් විශේෂඥ මඩුල්ලක් මඟින් ලබාදෙන මෙම සුවසේවාව, පුද්ගල බද්ධ ඉලක්කයක් කරා දිශාගත වූවක්. ජීවන රටාව මත රැදෙන රෝගයන් පිළිබඳ අනතුරු හඟවන සංඛ්‍යා දත්ත සමඟ මෙම රක්ෂණ ක්‍රමය පුද්ගල ජීවන රටා වැඩිදියුණු කිරීමටත් වඩාත් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් බිහිකිරීමටත් දායකවන බව අපගේ විශ්වාසයයි, යනුවෙන් ඇය පැවසුවාය.

‘Live Life’ රක්ෂණ සැළසුම හඳුන්වා දීමත් සමඟින්, සිය රක‍්ෂණ ලාභීන් හට ඔවුන්ගේ ධනාත්මක චර්යාවන් වෙනුවෙන් ඇඟට දැනෙන ප්‍රතිලාභ හිමිකර දෙන මෙරට ප්‍රථම සහ එකම රක‍්ෂණ සමාගම බවට ජනශක්ති රක‍්ෂණ සමාගම පත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *