කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි.

මිය යන විට ඒ මහත්මිය 71 වන වියේ පසු විය.

කලක් රෝගාතුරව පසුවූ ඇය, නිවසේ සිට රෝහලක් කරා රැගෙන යමින් සිටියදී ඊයේ (21) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේය.

අසුරු සැනින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් , සිතුවිලි සිරවී හදවත පතුලේ මෙන්ම ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ ඇතුළු ජනපි‍්‍රය ගීත රැසක් කුසුම් පීරිස් මහත්මිය විසින් මෙරට කලා ක්ෂේත‍්‍රයට දායාද කර තිබේ.

70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි ඇය ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය ජනතාව අතර ප‍්‍රසාදයට පත්විය.

අභවප‍්‍රාප්ත කුසුම් පීරිස් මහත්මිගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *