මුරලිගේ චරිත රගපෑමට සුපිරි දමිළ නළු විජේ සේතුපති සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – විවිධ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවිත පදනම් කර ගනිමින් බොලිවුඩයේ සිනමා කෘති නිර්මාණය වේ.

නමුත් දකුණු ඉන්දීය නිර්මාණකරුවන් පිරිසක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු පිළිබඳ චරිතාපදානයක් ඇතුලත් චිත්‍රපටයක් කිරීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳවයි.

මෙම චිත්‍රපටය ‘800‘ ලෙස නම් කිරීමට නියමිත බවද සදහන් වේ.මුරලි සිය ටෙස්ට් දිවියේ දවාගෙන ඇති ටෙස්ට් කඩුලු ගණනද 800කි.මෙම චිත්‍රපටය හරහා මුරලිගේ ටෙස්ට් දිවියේ සුවිශේෂි කඩුලු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකිරිමට නියමිතව ඇත.

මෙම චිත්‍රපටය සඳහා දමිල සිනාමාවේ සුපිරි නළුවෙකු වන විජේ සේතුපති රංගනයෙන් දායක වීමට සූදානම් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

දෙසැම්බර් මාසයේදී රූ ගත කිරීම් ආරම්භ කිරීමට නියමිතය. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාව, එංගලන්තය, ඉන්දියාව හා ලෝකයේ තවත් රටවල් කිහිපයක සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *