‘අහන්න‘ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සමඟ

(කොළඹ, ලංකාපුවත්) – ජාතික සංහිඳියාව, ජාතීන් අතර සමඟිය හා එකමුතුභාවය ගොඩනැගීම තුළින් රටේ යහපැවැත්ම සහ තිරසාර සංවර්ධනය ළඟාකරගැනීම තේමා කරගත් සංවාදාත්මක වැඩසටහනක් වන “අහන්න – கேளுங்கள் – Listen ” නව ව්‍යවසායක පරාදීසයක් බිහි කිරීමට මග කියන දෙවැනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සමඟ එක්වෙයි.

ප්‍රදර්ශනය ජූලි මස 24 සිට 27 දක්වා පුරා දින හතරක් අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

වසර 2018 මොණරාගලින් ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවැන්න මෙවර අනුරාධපුරයේ දී පැවැත්වෙනුයේ ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දියුණුවේ පුරෝගාමී පුරවරයට’ තේමාව යටතේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *