එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාව සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය “ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශය” සමඟ නිල සහභාගීත්ව ගිවිසුමට 2019 ජුලි 08 වන දින අත්සන් තැබිමෙන් එක්ස්පෝ ඩුබායි 2020 හි නිල වශයෙන් සාමාජිකත්වය ලබන ලදී.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිස සමග එක්ස්පෝ 2020 ඩුබායි හි ශ්‍රී ලංකා කොමසාරිස් ජනරාල් ලෙස ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත මහත්මිය, ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂ නජීබ් මොහොමඩ් අල්-අලි මහතා සමඟ 2019 ජුලි 08 වන දින සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බන්ඩාර ඉදිරියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල සහභාගීත්ව ගිවිසුමට අත්සන් තැබීය.

ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට සමගාමීව නියෝජිත කණ්ඩායම එක්ස්පෝ ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය නැරඹීමේ අවස්ථාවද හිමි වූ අතර ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නැරඹීමට ශ්‍රී ලංකා නියෝජිතයින්ට හැකි විය. එහිදී විශේෂ ක්‍රියාකාරකම් සාකච්ඡා කිරීම සඳහා එක්ස්පෝ තාක්ෂණික කණ්ඩායම් හමුවීමට ද නියෝජිත පිරිසට අවස්ථාව ලැබුණු අතර එක්ස්පෝ ඩුබායි හි ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම් ද මෙහිදී සිදු විය.

ශ්‍රී ලංකා දූත පිරිස පිළිගත් ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂ නජීබ් අලි මහතා, එක්ස්පෝ ඩුබායි 2020 සඳහා ඉදිකිරීම්වල ප්‍රගතිය සහ සංවිධාන කටයුතු සැපයීම පිළිබඳව විස්තර කළේය. රටවල් 192 ක් දැනටමත් සහභාගීත්වය සනාථ කර ඇති අතර එය එක් එක් රට සඳහා කැපවූ ප්‍රදර්ශන කුටි සහිත ලෝකයේ වඩාත්ම විචිත්‍ර ප්‍රදර්ශනයක් ලෙසින් ඩුබායි එක්ස්පෝ 2020 සංවිධානය වනු ඇති බව ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

උත්සවය අමතමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍යර අමාත්‍ය නලින් බණ්ඩාර එක්සත් අරාබි එමීර් රාජ්‍යරය විසින් ශ්‍රී ලංකාවට නව ප්‍රදර්ශන කුටියක් ලබා දීම අගය කළේය.අනාගතයේ දී ශ්‍රී ලංකාව තවදුරටත් සහයෝගීතාවයන් අපේක්ෂා කරන බව ඔහු පැහැදිලි කළ අතර නජිබ් අලි මහතාට සහ ඔහුගේ කණ්ඩායමට ළඟදීම පැවැත්වීමට නියමිත එක්ස්පෝ 2020 දියත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආරාධනා කළේය.

ශ්‍රී ලංකා පාර්ශවය විසින් මෙතෙක් සිදුකර ඇති පුළුල් වැඩ කටයුතු පිළිබඳ එක්ස්පෝ සංවිධායකයින්ට ඉන්දිරා මල්වත්ත මහත්මිය කරුණු පැහැදිලි කළාය. මොරටුව විශ්ව විද්යාුලයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද “ජලය” තේමාව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන බව ඇය අවධාරණය කළාය.

එක්ස්පෝ 2020 ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්යවයේ පැවැත්වෙන “මනස සම්බන්ධ කරමින් අනාගතය නිර්මාණය කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන විශාලම ප්‍රදර්ශනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *