“චන්ද්‍රයාන් – 2 ” සඳ මෙහෙයුම අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව විසින් සඳ මතුපිට පළමු වරට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්වීමේ “චන්ද්‍රයාන් – 2 ” මෙහෙයුම ඊයේ (22) දියත් කරනු ලැබීය.

මෙය අභ්‍යවකාශ ගත කර, මෙහෙයුම ආරම්භ කිරීමට නියමිත වූයේ ජූලි මස 15 වැනිදා වුවද, ගුවන් ගත කරන මොහොතට විනාඩි 56.24 තිබියදී ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසා, අවරෝහණ ගණනය නැවැත්වීමට Isro ආයතනය කටයුතු කළේය.

පසුව සොයාගත් පරිදි එම තාක්ෂණික දෝෂය වනුයේ රොකට්ටුවේ එක් බූස්ටරයක “ඕ – රින්ග්” යනුවෙන්
හඳුනා ගනු ලබන ගෑස්කට් එකක පළුද්දකි.

ඊයේ (22) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2.43 ට ( 14:43 ) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි, ශ්‍රී හරිකොත සතිෂ් ධාවන්” අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අටල්ලකින්, මෙම මෙහෙයුම ගුවනට එසවෙනු ඇති අතර, අදියර තුනකින් සමන්විත ජී.එස්.එල්.වී එම්.කේ.වී – 3 රොකට් පියාසැරිය මඟින් – කිලෝග්‍රෑම් 2,379 ක් බර ඕබිටරය , කිලෝග්‍රෑම් 1,471 ක බරකින් සමන්විත සඳ මතුපිටට ගොඩ බසින “වික්‍රම්” ලෑන්ඩරය සහ කිලෝග්‍රෑම් 27 කින් සමන්විත “ප්‍රාග්යාන්” නම් සඳ මතුපිට සචල ගවේෂණ සඳහා යොදාගන්නා රෝවරය චන්ද්‍රයා වෙත ගමන් ආරම්භ කළේය.

චන්ද්‍රයාන් – 2 මෙහෙයුමේ වික්‍රම් නම් ලෑන්ඩරය සැප්තැම්බර් මස 6 වෙනිදා පමණ, සඳෙහි දක්ෂිණ අර්ධ ගෝලයේ “මන්සිනස් සී “සහ “සිම්පෙලියස් එන් ” නම් ආවාට යුගල මැද පිහිටි ප්‍රදේශයට ගොඩ බසිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *