චීන හිටපු අගමැති ලී පෙන් අභාවප්‍රාප්තවෙයි

(කොළඹ, ලංකාපුවත්) – චීන හිටපු අග්‍රාමාත්‍ය ලී පෙන් අභාවප්‍රාප්ත වෙයි.

හදුනාගත නොහැකි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය යනවිට ඔහු 90 වන වියෙහි පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

චීන ඉතිහාසයේ දරුණුතම ජන සංහාරයක් ලෙස සැලකෙන ටියනාන්මෙන් චතුරශ්‍රය ආසන්නයේ සිදුවූ ඝාතනයන්ට නියෝග ලබාදුන්නේ ඔහුයි.

1989 වසරේ අප්‍රේල් මාසයේ චීන ශිෂ්‍ය පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂව ටියනාන්මෙන් චතුරශ්‍රය ආසන්නයේ මෙම විරෝධතාව ආරම්භ කළේය. එම වසරේ ජුනි 4 වනදා යුද නීතිය ප්‍රකාශයට පත්කරමින් සිය ගණනක් නිරායුද සිවිල් වැසියන් ඝාතනය කිරීමට ඔහු නියෝග ලබාදුන්නේය.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු අගමැති ලී පෙන් පවසා ඇත්තේ තමන් එම අවස්ථාවේ සිදුකළේ ඉතා අත්‍යවශ්‍ය ක්‍රියාවක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *