අබලි ද්‍රව්‍ය ආනයනය ගැන වහාම වාර්තාවක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් සපයන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත ඊයේ (23) නියෝග කළේය.

විදේශ සංචාරකයින් පසු ඊයේ මෙරටට පැමිණි මංගල සමරවීර මහතා ගැටලුව පිළිබඳ අවධානය යොමුකොට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත මේ නියෝගය කළේය.

නාගරික අබලි ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී පරිසර අධිකාරියේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතුය. මෙම නීතිමය අවශ්‍යතා හා රෙගුලාසිවලින් බැහැරව මේ සඳහා අනුමැතිය ලබා දී ඇත්නම් ඔවුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළයුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *