යුවළ 10,000ක් තවමත් විවාහ ලියාපදිංචි කර නෑ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ අඹු සැමියන් ලෙස ජීවත්වන පවුල් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් විවාහ ලියාපදිංචි කර නොමැති බව රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විදානගේ මහතා පැවසීය.

කොළඹ, නුවරඑළිය, උතුර, නැඟෙනහිර ඇතුළු ප්‍රදේශවලින් ඒ පිළිබඳව තොරතුරු බහුලව වාර්තා වී ඇත. මේ හේතුවෙන් ඔවුන්ගේ දරුවන්ට පාසල්වලට ඇතුළත්වීමේදී දැඩි අපහසුතාවන්ට ලක්වීමටද සිදුව තිබේ.

මෙලෙස විවාහ ලියාපදිංචි කර නොමැති බැවින් ඔවුන්ට මවුපියන් ලෙස පෙනී සිටිය නොහැකි අතර විවාහක යුවළ සඳහා ලබාදෙන කිසිදු දීමනාවක්ද ඔවුන්ට ලබාගත නොහැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *