මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ පුද්ගලයන් යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 15 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ ලබන මස 08 වනදා දක්වාය.

මාවනැල්ල මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අදාළ නියෝගය නිකුත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි. තවත් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන අද (25) අධිකරණයට ඉදිරිපත් කළ බව මාවනැල්ල පොලිසිය සඳහන් කළේය.

මීට අමතරව ත‍්‍රස්තවාදීන් ප‍්‍රවාහනය කළ බවට සැක කෙරෙන වෑන් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *