ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නිවැරදි දිශානතියක ගමන් කරනවා – නෝර්වේ තානාපති

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නිවැරදි දිශානතියක ගමන් කරන බව, ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති තොබියොන් ගවුට්සාසීදර් මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුළු අඩුවීමක් දක්නට ලැබුණ ද, ශ්‍රී ලංකාව විදේශිකයන්ගේ හදවතේ තවමත් ඇති බව ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ධූර කාලය නිමා කිරීමෙන් අනතුරුව පිටත්ව යාමට නියමිත මෙරට නෝර්වේ තානාපති තොබියොන් ගවුට්සාසීදර් මහතා විශේෂ සම්මුඛ සාකච්ජාවකට පසුගියදා ජාතික රූපවාහිනිය හා එක්විය.

එහිදී අදහස් දැක්වූ නෝර්වේ තානාපතිවරයා…

“ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නිවැරදි දිශානතියකට ගමන් කරනවා. සංචාරකයන්ගේ පැමිනිම ඉහළ යමින් පවතිනවා. ඉකුත් වසරේ 15,000ක නෝර්වේ සංචාරකයින් පිරිසක් පැමිණියා. මේ වසරේත් යහපත් ප්‍රවණතාවයක් තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ඉකුත් මාස දෙක තුන තුළ සුළු වශයෙන් පහළ යාමක් දක්නට ලැබුණා. මම හිතනවා එය පෙර තත්වයට ඉක්මනින් ඒවි. මන්ද, විදේශිකයන්ගේ මනසේ ශ්‍රී ලංකාව තිබෙනවා. විශේෂයෙන්ම ධීවර, සාගරික හා තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍ර යේ ආයෝජන ඉහළයාමත් සමඟ දෙරට අතර වෙළෙඳාම ද වර්ධනය වෙමින් පවතිනවා“

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අදහස් පළ කළ මෙරට නෝර්වේ තානාපතිවරයා…

“මේ දිනවලදී අවාසනාවකට බොහෝ රටවල මෙය සිදුවනවා. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අවාසනාවන්ත ප්‍රහාර කොහෙත් වෙන්න පුළුවන්ත බූර්ව ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කිරීම ඉතා වැදගත්. යබුද්ධි අංශ, ඔත්තු සේවා ඊට අවශ්‍යයි. ප්‍රජාවන් සමඟ සමීපව ක්‍රියා කාරීමෙන් ද සිදුවන දේ තේරුම්ගත යුතියි. වෛරී, සෘණාත්මක ප්‍රකාශ මර්දනය සඳහා දේශපාලන මට්ටමින් නායකත්වය ගැනීමට පොදු ප්‍ර වේශයක් ඉතා වැදගත්“.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *