බංග්ලාදේශය යළි හතුරුසිංහට ඉව අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ කණ්ඩායමට නව පුහුණුකරුවකු අවශ්‍ය බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නෂ්මුල් හසන් පවසයි. බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය නිමවීමෙන් අනතුරුව මෙම නව පුහුණුකරු බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

‘අපේ කණඩායම බාරගන්න කෙනොට උප මහාද්වීපික ක්‍රිකට් කණ්ඩායමක් පුහුණුකරලා පළපුරුද්දක් තිබිය යුතුයි. විශේෂයෙන්ම උප මහාද්වීපික ජාතික කණ්ඩායමක පුහුණු අත්දැකීම් අපි අපේක්ෂා කරනවා’ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේය.

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා බවට පත්වීමට ඇති අවකාශය සම්බන්ධයෙන් පළවන ආරංචි පිළිබඳ අදහස් දක්වමින් නෂ්මුල් හසන් පවසන්නේ, ‘අපිට ඒ ගැන දැන් කතාකරන්න බෑ. මොකද ඔහු ඉන්නේ තවත් රටක කණ්ඩායමක් බාර අරගෙනයි. නමුත් ඔහු එම කණ්ඩායම හා වන ගිවිසුමෙන් ඉවත්වෙලා බංග්ලාදේශයට එන්න කැමැතියි කියලා පුහුණු අයැදුම්පතක් ඉදිරිපත් කළොත් අපිට සලකා බැලිය හැකියි’ ඔහු පවසා ඇත.

චන්දික හතුරුසිංහ තම රෙඩාරය සීමාවේ පසුවන බව බංග්ලාදේශ සභාපතිවරයා එහිදී ඉඟි පළකර තිබීම විශේෂත්වයකි. ‘අපිට ප්‍රධාන පුහුණුකරුවෙක්, වේග පන්දු පුහුණුකරුවෙක් වගේම භෞත චිකිත්සකවරයෙක් අවශ්‍යයි. අපි දැනටමත් පුහුණුකරුවන් කීපදෙනෙකු සමඟ සාකච්ඡා කරලා තිබෙනවා.’ නෂ්මුල් හසන් වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *