(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජාතික බුද්ධි අංශ අධ්යක්ෂ ඩෑන් කෝට්ස් ට්‍රම්ප් පරිපාලනය අතැර ගිය නවතම උසස් නිලධාරියා ලෙස එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ බව සනාථ කරමින් ජනාධිපති ට්‍රමප් ට්විටර් පණිවිඩයකින් ප්‍රකාශ කරන්නේ අගෝස්තු මාසයේ මැද භාගයේ දී කෝටස් ඉවත් වන බවත් ටෙක්සාස් හි කොංග්රස් සභික ජෝන් රැට්ක්ලිෆ් එම තනතුර සඳහා යෝජනා කරන බවයි.
වාර්තා වන අන්දමට කෝට්ස් – ට්‍රම්ප් ගැටුම වර්ධනය වී ඇත්තේ රුසියාව හා උතුරු කොරියාව පිළිබඳ අදහස් මතය.
ජාතික බුද්ධි අධ්යක්ෂවරයා ලෙස කෝට්ස් විසින් සී. අයි. ඒ සහ එන්. එස්. ඒ ඇතුලු අමෙරිකානු බුද්ධි ඒජන්සි 17 ක් මෙහෙයවනු ලැබීය.