උපාධිධාරීන් 16,800කට හෙට සිට රජයේ රැකියා

(කොළඹ, ලංකාපුවත්) – රැකියා විරහිත උපාධිධාරීන් 16,800ක් අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස බඳවා ගැනීම සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (30) පෙරවරු 11.30ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය විසින් මෙය මෙහෙයවනු ලැබේ.

මෙහි පළමු අදියර යටතේ රජයේ විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර සිසුන් වශයෙන් උපාධිය නිම කළ රැකියා විරහිත උපාධිධාරීන් 5,000ක් බඳවාගෙන පුහුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර එහිදී 1800 දෙනෙකුකට පත්වීම් නොලැබුණි.

ඒ අනුව එම 1800ක්වූ උපාධිධාරීන් සමඟ මෙවර දෙවන අදියර යටතේ රැකියා පිරිනැමීමට අනුමත වූ උපාධිධාරීන් 15,000 දෙනෙකුද ඇතුළුව සමස්ත උපාධිධාරීන් 16,800 දෙනෙකු අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස බඳවා ගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *