මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික මහනුවර ශ‍්‍රි දළදා මාලිගයේ ඇසළ මංගල්‍ය පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කෙරේ.

ඒ සඳහා ත‍්‍රිවිධ හමුදාවේ අතිරේක භට පිරිස් ද යොදවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය. පොලිසිය සමඟ එක්ව ආරක්ෂක වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවත් යුද හමුදාපතිවරයා කියා සිටියේය.

මහනුවර දළදා පෙරහර සදහා යුද හමුදාව වාර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව අද පෙරවරුවේ පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා එක්විය.

මහනුවර ඵෙතිහාසික ඇසල පෙරහර මංගල්‍යය සිව්මහල් දේවාලවල සුබ නැකතින් කප් සිටුවා නාථ, විෂ්ණු , පත්තිනි සහ කතරගම යන දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් පසු ලබන සදුදා පළමු කුඹල් පෙරහර විදී සංචාරය කිරීමට නියමිතය.

දින 05 ක් කුඹල් පෙරහර විදි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර විදි සංචාරය කිරීම ලබන මස 10 වැනිදා ඇරඹෙයි.

ලබන මස 14 වැනිදාට යෙදී ඇති නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අවසන් රන්දෝලි පෙරහර විදි සංචාරය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *