ප්‍රංශයෙන් ඩයිනෝසර අස්ථියක්

(කොළඹ, ලංකාපුවත්) – නිරිතදිග ප්‍රංශයේ කැණීම් සිදු කළ විද්‍යාඥයන් පිරිසකට විශාල ඩයිනෝසර කලවා අස්ථියක් හමු වී තිබේ.

වසර 10 ක් පමණ කාලයක් පුරා එම ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර එහි තිබී විවිධාකාර පොසිල හමු වී ඇති අතර මෙම කලවා අස්ථිය මීටර් 2ක් පමණ දිගය.

මෙම වර්ගයේ ඩයිනෝසරයන් ජීවත් වී තිබෙන්නේ වසර මිලියන 140 කට පමණ පෙර බවත් ඉන් එක් සතෙකු ටොන් 40ත් 50ත් අතර බරකින් යුක්ත වන්නට ඇති බවත් අලාන් රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

මාධ්‍ය වාර්තාවන්ට අනුව 2010 වසරේදී එම කැණීම් භූමියෙන් හමුවූ එවැනිම කලවා අස්ථියක් මීටර් 2.2 පමණ දිගකින් යුක්ත විය. එහි බර කිලෝ ග්‍රෑම් 500 කි.

මෙය, ශාක කොටස් ආහාරයට ගන්නා සෞරෝපොඩ් නමින් හැඳින්වෙන ඩයිනෝසරයෙකුගේ අස්ථියක් ලෙස සැලකේ. එම ඩයිනෝසරයන් දිගු බෙල්ලක් සහ වලිගයක් සහිතය.

ජුරාසික් යුගයේ අවසාන කාලයේ ජීවත් වුවා යැයි හඳුනාගෙන ඇති සෞරෝපොඩ් ඩයිනෝසරයන් මෙතෙක් පොළොව මත විසූ විශාලම සත්ත්ව කොට්ඨාසයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *