පරාක්‍රම සමුද්‍රය ක්‍රීඩා පිටියක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොලොන්නරුවේ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ පරාක්‍රම සමුද්‍රය ක්‍රිකට් ක්‍රීඩා පිටියක් බවට පත් වී තිබේ.

ජලය අක්කර අඩි එක්ලක්ෂ දාහත්දහසක් පිරවිය හැකි, අක්කර විසිදාහකට වැඩි විශාලත්වයකින් යුතු පරාක්‍රම සමුද්‍රය පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ සිඳී යෑම නිසා එහි අවට තරුණයන් වැව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අයුරු මේ දිනවල දැකගත හැකිය. වසර ගණනාවකට පසු මෙසේ පරාක්‍රම සමුද්‍රයේ ජලය සිඳී ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *