බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් රැඳවියන්ට ‘තටු‘

(කොළඹ, ලංකාපුවත්) – විවිධ වු අපරාධවල නියැලිම හේතුවෙන් බන්ධනාගාර ගතවන පුද්ගලයින් පුනරුත්ථාපනය කර රටේ ආර්ථීක සංවර්ධනයට දායක කිරීමේ වැඩපිළිවෙළ යටතේ ,බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය එක්ව පවත්වන නේවාසික රැඳවි කුසලතා සංවර්ධනය හා වෘත්තීය නිපුණත්ව වැඩසටහන ලබන සිකුරාදා(02) සහ සෙනසුරාදා(03) පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘තටු’-සැඩ කුණාටු මැදින් සාර්ථකත්වය වෙත පියා සළන්නට,තේමාව රැගත් මෙම වැඩසටහනට වයස අවු: 35 ට අඩු නිදහස් විමට ආසන්න නේවාසික රැඳවියන් 125 ක් පමණ සහභාගි වේ.

තරුණ රැඳවියන් දඬුවම් කාලය අවසන් කර සමාජගත කිරිමේදී නැවත අපරාධ රැල්ලට එකතුවිම හා නීති විරෝධි ක්‍රියාවල නියැලිමට ඇති පසුබිම අවම කිරිම.,තරුණ පිරිස මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතයට යොමු විමට ඇති අවස්ථා දුරලීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය විරෝධි කතිකාවක් නිර්මාණය කිරිම,ස්ථීර ආදායම් මාර්ගයක් සකස් කරදිම තුළින් ඔවුන් සදහා ආර්ථීක ස්ථාවරත්වයක් ගොඩනැගිම,සමාජයීය තර්ජනයක් විමට හැකියාව ඇති පිරිසක් සමාජ යහපත, සුභසාධනය උදෙසා කටයුතු කරන රටේ සංවර්ධනයට උරදෙන පිරිසක් බවට පත්කිරිම,තරුණ ව්‍යවසායකයින් බිහිකිරිම තුළින් රටේ ආර්ථීක සංවර්ධනයට දායකත්වය සැපයිම.වෘත්තීමය නිපුණත්වයක් ඇති තරුණ පරපුරක් රටේ ශ්‍රම බලකායට දායක කරදිම,සංගීත රසාස්වාදයට යොමු කිරිම තුලින් ආදරය, කරුණාව හා මෛත්‍රිය වැනි යහපත් ගුණාංග වලට මොවුන් පුරුදු පුහුණු කිරිම මෙහි මූලික අරමුණු අතර වේ. මෙම වැඩසටහන සදහා තෝරාගන්නා තරුණ රැඳවියන් සමඟ සුහදත්වය වර්ධනය කරගැනිමත් එමගින් ඔවුන්ගේ අදහස් සහ අවශ්‍යතා හදුනාගැනිමත් මුලිකවම සිදුවේ.
මෙම වැඩසටහනේදී ,දේශන සමඟ විවෘත සාකච්ජා,ව්‍යවසායකත්ව සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්,මත්පැන්, මත්ද්‍රව්‍ය පාලනයට හා නිවාරණයට අදාල සාකච්ජා,පුද්ගල උපදේශනය,සංගීතමය වැඩසටහන්,කණ්ඩායම් ක්‍රිඩා,යෝගා වැඩසටහන්,ව්‍යවසායකයින් සමඟ සම්මුඛ සාකච්ජා පැවැත්විම සහ ,ගිනිමැළ සංදර්ශනරැඳවියන් උදෙසා පැවැත්වේ.

මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය 30 වැනිදා බන්ධනාගාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මේ අවස්ථාවට එක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන් මහතා පැවැසුවේ 2018 වර්ෂයේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන වාර්තාව අනුව වයස අවු 22-30 ත් අතර සහ 30-40 ත් අතර වයස් කාණ්ඩවලට අදාළ පුද්ගලයින් චුදිතයින් ලෙස සිරගත විමේ ප්‍රවණතාවය සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බව නිරික්ෂණය වි ඇති බවය.

මෙසේ රටේ ජිවනාලිය බදු තරුණ පරපුර ද අන්තර්ගත විම රටේ ආර්ථීකමය සංවර්ධනයට සහ සමාජීය සුබසාධනයට අහිතකර ලෙස බලපෑම් ඇතිවන තත්ත්වයක් බවත් පෙන්වා දුන් කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ මෙම වැඩසටහන මගින් බන්ධනාගාර ගතවන පුද්ගලයින් පුනරුත්ථාපනය කර රටේ ආර්ථීක සංවර්ධනයට දායක කිරීමේ මූලික පියවර ගන්නා බවයි.

මෙහිදී අදහස් පළ කළ බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන ) චන්දන ඒකනායක මහතා පැවැසුවේ- සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලියකින් පසුව සමාජගත කරනු ලබන පුනරුත්ථාපනලාභින් හට සාර්ථක දිවිපෙවෙතක් ගොඩනගා ගැනිමට හා පවත්වාගෙන යාමට ආර්ථීකමය ශක්තියක් ‍සොයා දිම මෙම වැඩසටහනේදී සිදු වනු ඇති බවයි.. ‘ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාතයංශය මේ සඳහා අපට දායකත්වය සපයනවා.ඒ වගේම පෞද්ගලික අංශයේ ආයතන 18 ක් මේ සඳහා සහය වන්නට කැමැත්ත පළ කරල තිබෙනවා.සිර/තව සිටින මේ තරුණ පිරිස සමාජයෙන් කොන් වන්නට අවශ්‍ය නෑ.මේ අය නිදහස් වී යන දවසට ඔවුනට ජීවත්වන්නට ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. ඒ සඳහා අත්වැලක් මෙමගින් සැපයෙනවා’යැයිද ඒකනායක මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *