ඇසළ පෙරහැර ආරක්ෂාවට පොලිසියෙන් 7000ක්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් ඇතුළුව පොලිස් නිලධාරීන් 7000ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හෙට (02) සිට ආරම්භ වේ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ හෙට අළුයම කප් සිටුවිමෙන් මෙවර ඇසල පෙරහැර ආරම්භ වන බවයි.

ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ 8000කට අධික පිරිසක් යෙදවිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *