ජනාධිපතිවරණයේ නිදහස් පක්ෂ තීන්දුව සැප්තැම්බර් 02වනදා

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීරණය ලබන සැප්තැම්බර් 02 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පක්ෂ සමුළුවේදී ප්‍රකාශයට පත් කරන බව නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

අද (01) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *