අමෙරිකාවේ වෙඩිතැබීමෙන් මිය ගිය පිරිස අතර වෙඩිතැබීම සිදු කළ අයගේ සොහොයුරියත්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ ඔහායෝ හි ඩේට්න් හි සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාගේ සොහොයුරිය ද වන බව වාර්තා‍ වේ.

තත්පර 30කටත් වඩා අඩු කාලයක් තුළ එල් පාසෝ නගරයේ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් 20 දෙනකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

පැය විසි හතරක් තුළ අමෙරිකාවේ සිදු වූ දෙවැනි ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. එම ප්‍රහාරකයා 24 හැවිරිදි බෙට්ස් බවට මේ වන විට හඳුනා ගෙන ඇති අතර ඔහුගේ 22 හැවිරිදි සොහොයුරිය මේගන් බෙට්ස් ද මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වෙඩිතැබීම විස්තර කළේ “බියසුළු ක්‍රියාවක්” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *