කුරුඳු ලීයෙන් හදන ටූත්පික් සදහා ඉහළ ඉල්ලුමක්

(කොළඹ, ලංකාපුවත්) – කාබනික පොහොර පමණක් යොදා වගා කටයුතු සිදු කරන ගොවීන් සදහා අවශ්‍ය පහසුකම් සැපයීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරේ.

පරිසර හිතකාමී මෝපා සංවිධානය මෙය ක්‍රියාවට නංවයි.

මේ යටතේ දැනටමත් අහුංගල්ල කුරුඳු වගාකරුවන්ගේ සමිතියේ සාමාජිකයන් 65 දෙනෙකු සදහා වගා උපකරණ කට්ටල් නොමිලේ බෙදාදී ඇත. ඒවායේ වටිනාකම රුපියල් පන්ලක්ෂ විසි දෙදහසකි.

කුරුඳු ලීයෙන් සිදු කෙරෙන ටූත්පික් සදහා වෙලෙදපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව එම සංවිධානයේ ජාතික උපදේශක උපාලි ගමගේ මහතා පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *