(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7318ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
පසුගිය 2019.07.05 දින සිට අද (05) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (04) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 174ක් අත්අඩංගුවට ගෙන ඇත.