රාවණා 1 ලොව සෙසු රටවල ඡායාරූප ගැනීමටත් සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – රාවණා 1 චන්ද්‍රිකාව මගින් ඉදිරියේදී ලෝකයේ සෙසු රටවල ද ඡායාරූප ගැනීමට සැලසුම් කර ඇති බවත් ඡායාරූප ගැනීමට අමතරව පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමට අදාළ දත්ත ලබා ගැනීම ද සිදු කරන බ වත් එහි නිර්මාණකරුවෝ පවසති.

පසුගිය ජූනි 17 වැනි දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් කක්ෂගත කෙරුණ රාවණා 1 මගින් ලබා ගත් පළමු ඡායාරූප කිහිපය අගෝස්තු 03 වැනි දා බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය විසින් පළ කරනු ලැබ තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *