පානීය ජල බෝතල්වලට අලුත් නීති

(කොළඹ, ලංකාපුවත්) – පානීය ජල බෝතල්වල මුඩියේ ඇති පොලිතීන් අසුරණය සහ නිල් පැහැති වර්ණ ගැන්වු ජල බෝතල් තහනම් කර නියෝගයක් පැනවීමට කටයුතු කරන බව මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බවකියා සිටියේය.

දැනට පානිය ජල බෝතල්වල මූඩිය මතුපිට තිබෙන ප්ලාස්ටික් වැස්ම නොමැතිව ජල බෝතල් නිපදවන ලෙස ජල බෝතල් නිෂ්පාදකයින් ගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ප්ලාස්ටික් වැනි නොදීරන ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සදහා මහජනතාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කොට ඇත.

ප්ලාස්ටික් ද්‍රව්‍ය මහජනතාවගෙන් මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 32 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *