නියෝජ්‍ය පොලිස්පතිවරු 08කට ස්ථාන මාරු

(කොළඹ, ලංකාපුවත්) –නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අතර අට දෙනෙකු වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඔවුන්ව මෙසේ ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී .ඒ.ජේ.කරවිට අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ සිට අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව ලෙස මාරුකර යවා ඇත.

නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ සිට පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙස පොලිස් මුලස්ථානයට මාරුකර යවා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ බදවා ගැනීම් , පුහුණු , මානව සම්පත් කළමණාකරණය සහ ජාත්‍යන්තර සබධතා දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කල පී.පී එස් එම් ධර්මරත්න මහතා බදවා ගැනීම්, පුහුණු හා ජාත්‍යන්තර සබදතා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

නුගේගොඩ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ යු.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක මොණරාගල දිසාවට මාරු කර යවා ඇති අතර මහනුවර කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති එම්.එන්.සිසිර කුමාර මානව සම්පත් කළමණාකරණ දිසාව වෙත මරු කර යවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *