විද්‍යාපීඨ ගුරුවරු 4,286කට පත්වීම්

(කොළඹ, ලංකාපුවත්) – ගුරු සිසුන් 4,286 දෙනෙකු‍ට ලබන මාසයේදී ගුරු පත්වීම් ලබා දීම‍‍ට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත 2015‍/ 2017 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගනු ලැබ, තුන් අවුරුදු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු 2019 අගෝස්තු 01 වැනි දින නිකුත් කරන ලද විභාග ප්‍රතිඵල මත මෙම පත්වීම් පිරිනැමීමට නියමිතය.

මෙවර පත්වීම් ලබන පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා යොදා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම පත්වීම් පිරිනැමීම සඳහා පළාත් නවයේම ජාතික පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වාර්තා ලබා ගෙන ඇත. එම වාර්තා අනුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව 3,748කි. මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉතිරි පිරිස පළාත් පාසල්වලට පත් කිරීම සඳහා පළාත් සභා වෙත යොමු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *