අමෙරිකානු වැඩබලන සහකාර ලේකම්වරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය උප මහද්වීපයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

වැඩබලන සහකාර ලේකම්වරිය අගෝස්තු 6 සිට 16 දක්වා පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල සංචාරය කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(07) නිවේදනය කළේය.

මෙම සංචාරයේ දී ඇය රජයේ ඉහළ පෙලේ බළධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම , ඉන්දියාව සහ පකිස්ථානයේ නිල සංචාර සඳහාද ඇය සහභාගී වීමට නියමිතව ඇත.

මේ වන විට පාකිස්තානයේ ඇගේ සංචාරයේ පළමු අදියරේදී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *