ගල්කිස්ස සිට කළුතර දක්වා මුහුදු වෙරළේ ඇති තෙල් තට්ටුව ගැන පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –ගල්කිස්ස සිට කළුතර දක්වා මුහුදු වෙරළේ ඇති තෙල් තට්ටුව සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

නෞකාවකින් කාන්දු වූ තෙල් තට්ටුවක් මෙසේ වෙරළ තීරයට පැතිර ඇති බව සදහන් වේ. වාද්දුව පොතුපිටිය පානදුර වෙරළ තීරයන්හිදී මෙය වැඩි වශයෙන් දැකගත හැකිය. එය ඉවත් කිරීමට අවශ්‍ය විධිවිධාන යොදමින් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *