ගාමිණී සෙනරත් ඇතුඵ විත්තිකරුවෝ් තිදෙනා ලිට්‍රෝ නඩුවෙන් නිදහස් කෙරෙති

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කලේයැයි චෝදනා එල්ල වී තිබු හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමීණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ(08) නියම කළේය.

එම මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කලේ විත්තිකරුවන්ට පැමිණිල්ල විසින් එල්ල කර තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව එල්ල කර තිබු චෝදනා පවත්වාගෙන යාමට පදනමක් නොමැති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා තීන්දුවෙන් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *