පොල්තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –පොල්තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

රජය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය සතු ඉඩම් කේන්ද්‍ර කරගනිමින් එය ක්‍රියාත්මක වෙයි.

පොල් මිල පහත බැසීිම හේතුවෙන් පොල් වගාකරුවන්ට නිෂ්පාදන පිරිවැය පවා පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත. ඊට විසදුමක් ලෙස ඔව්හු පොල්තෙල් නිෂ්පාදනයට යොමු කෙරෙති.

ඊට අමතරව කල් තබාගත හැකි පොල්කිරි හා වියළි පොල් නිෂ්පාදන සිදුකිරීම හා පැනි හකුරු නිෂ්පාදනය වැනි කටයුතු මගින් පොල්වලට නිසි මිලක් ලබාගැනීමේ අවස්ථාව ද උදාකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *