පිළිකා රෝග වාට්ටු හා සායනවල පහසුකම් ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග රැසක්

(කොළඹ, ලංකාපුවත්) –තමා අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු පිළිකා ආයතන, ළමා රෝහල් හා මාතෘ රෝහල් සංඛ්‍යාව වැඩි කිරීමට හැකිවූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පිළිකා රෝග වාට්ටු සදහා වෛද්‍ය උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

දිවයින පුරා රෝහල්වල පිහිටි පිළිකා රෝග වාට්ටු හා සායනවල පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.

පිළිකා රෝගී සත්කාරක ඒකකවලට අවශ්‍ය උපකරණ බෙදාදීම නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී සිදුකෙරුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි වටිනාකම රුපියල් මිලියන 300 කි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *