මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛණය ප්‍රදර්ශනය 23වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) –මේ වසර සදහා වන ඡන්ද හිමි නාමලේඛණය ලබන 23 වනදා සිට දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාල තුල ප්‍රදර්ශනය ආරම්භ කරන බව මැතිවරණ කොමිසම සදහන කරයි.

2019 ඡන්දහිමි නාමලේඛණයට අලුතින් එක්වන නම් සහ ඉන් ඉවත් වන නම් ලෙස නාම ලේඛණ 02 ක් ප්‍රදර්ශනය කිරිමට එහිදී පියවර ගන්නාා බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ වසරේ ඡන්ද හිමි නාමලේඛණය පරීක්ෂා කිරිමෙන් අනතුරුව නම ඇතුලත්ව නොමැති ඡන්ද දායකයින් සිටි නම් ඔවුන්ට හිමිකම් අයදුම් පත්‍රයක් යොමු කිරිමේ අවස්ථාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් ක‌ළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *